මධුෂ්ගේ ගෝලයා වූ කැවුමාගේ ‘අම්මා’ පුතා වෙනුවෙන් පොලිසි ඇවිත්

පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ ප්‍රධාන සගයා වන කැළුම් ඉන්දික හෙවත් කැවුමාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක රැදී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගිනුයි.

කැවුමා නමැත්තාගේ මව තම පුත්‍රයාව අත්අඩංගුවට ගත් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

පෑලියගොඩ පොලිසියේ සහ පොලිස්පති සහන මැදිරියේ මෙම පැමිණිලි ගොනු කර තිබෙනවා.

තම පුත්‍රයා ඝාතනය කිරීමට ඔවුන් සූදානමක් වන බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීම වළක්වා ලීම සඳහා මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි පොලිසියේ අදහස වී ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *