කේරල ගංජා ප්‍රධාන නියෝජිතයාත් අල්ලා ගනී – මහ මොළකරුගේ තොරතුරු මෙන්න

ඉන්දියාව මෙහෙයුම් මධ්‍යස්ථානය කරගනිමින් ශ්‍රී ලංකාව තුල මහා පරිමාණ කේරල ගංජා බෙදාහැරීමේ ජාවාරමේ නියෝජිතයා හෙවත් මහ මොලකරු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය සිදු කල මෙහෙයුමකින් පසුගියදා මතුගමදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව මහරම්බකුලම් හි පදිංචි ද්‍රවිඩ ජාතිකයකු වන ඔහු සහ ගෝලයෙකු කේරල ගංජා කිලෝ 5 ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම බටමුල්ලකන්ද ප්‍රදේශයේදී.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙන්වන කේරල ගංජා මෙම සැකකරු විසින් ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම සිදුකර ඇති බවත් පසුගියදා අලුත්ගම දර්ගා නගරයේදී කේරල ගංජා කිලෝ 30 ක් අත් අඩංගුවට ගැනීමත් සමග කළුතර මතුගම සහ දර්ගානගරය ඇතුළු ප්‍රදේශ වලට ඇතිවූ කේරල ගංජා හිඟය වැළැක්වීමට කේරල ගංජා රැගෙන එමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවත් පොලිසිය පවසනවා.

මතුගම බටමුල්ල කන්ද ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි වෙසල් රථය පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවන් පොලිස් නිලධාරියෙකුගේ යතුරුපැදියක් යටකරමින් පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *