කිලිනොච්චිය 57 වැනි යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනකු යොදාගනිමින් පරවි ධාවන තරගයක් කිලිනොච්චියේදී සංවිධානය කර තිබුණා.
කිලිනොච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී සංවිධානය කොට තිබූ මෙම පරවි ධාවන තරගයට ඒ සඳහා පරවියන් 241 දෙනකු කූඩුවල දමා එකවර නිදහස් කිරීම සිදු කෙරුණා.
අනතුරුව කුඩුවලින් නිදහස් කරන ලද පරවියන් 241 දෙනාගෙන් 214 දෙනකු කිලිනොච්චියේ සිට කිලෝමීටර් 280කට අධික ගුවන් දුර ප්‍රමාණයක් ගෙවමින් කොළඹ පිහිටි පරවියන්ගේ අයිතිකරුවන් නොහොත් පරවි වාස භූමි වෙතට පැමිණ සිටියා.
කිලිනොච්චිය වැසියන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ මේ අවස්ථාව දැක බලා ගැනීමටද කිලිනොච්චියේ තරුණයන් ඇතුළු වැසියන් පිරිසක් සහභාගි වී සිටි අතර කිලිනොච්චියේ රැකියා විරහිත තරුණ තරුණියන් අතරේ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙසේ පරවි ධාවන තරගය සංවිධානය කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබුණා.