යුද්ධයේ අවසන් කාල වකවානුවේදී කොටි සාමාජිකයින් කිළිනොච්චිය පළාත අතහැර මුලතිව් දෙසට පසු බසින විට කිසියම් හේතුවක් නිසා කිළිනොච්චියේ කන්නගි නගර් ප්‍රදේශයේ ඇලක සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඇළ හිස් කර මතු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සමත් වී තිබෙනවා.
මෙම පුපුරණ ද්‍රව්‍ය අතර එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු සඳහා යොදා ගන්නා උණ්ඩ හා තවත් බර අවි සඳහා භාවිත කරණ පතුරම් හා පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් ඇති බවයි වාර්තා වෙන්නේ.
මුලිඔන්ම කන්නගි නගර් ප්‍රදේශයේ වැසියෙකු කැළයට ගවයන් ගෙන ගිය අවස්ථාවේදී ගවයින් මෙම ඇලෙන් වතුර බොමින් සිටියදී පතුරම් පෙට්ටියක කොටසක් ජලයෙන් උඩට මතු වී තිබෙනු දැක තිබුණා.
පසුව ඔහු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම ගොඩ ගැනීම සිදුව තිබෙනවා