ට්‍රම්ප්ට පාඩමක් උගන්වන්න ‘ඇමෙරිකන් තානාපතිනී මරන්න’ උත්සායක

දකුණු අප්‍රිකාවේ ඇමෙරිකන් තානාපතිනී ලානා මාක්ස් ඝාතනය කිරීමට ඉරානය සැලැසුම් කර ඇතැයි ඇමෙරිකාවේ ‘පොලිටිකෝ’ දේශපාලන සඟරාව කළ අනාවරණයක් හේතුවෙන් මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

පොලිටිකෝ පුවත්පත අනාවරණය කර ඇති අන්දමට ඉරානය, ලානා මාක්ස් ඝාතනය කිරීමට සැලැසුම් සකස් කර ඇත්තේ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ නියෝගයට අනුව, ඇමෙරිකන් හමුදා පසුගිය ජනවාරියේ ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී මරා දැමීමේ සිදුවීමට විරෝධය දැක්වීමක් ලෙසයි.

66 හැවිරිදි ලානා මාක්ස්, උපත ලබා ඇත්තේ දකුණු අප්‍රිකාවේය. ඇය ඇමෙරිකන් පුරවැසියකු ද වන අතර, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරියකි. ලානා මාක්ස් ද ලොව සුපතල ව්‍යාපාරික කාන්තාවකි. ‘ලානා මාක්ස්’ යන වෙළෙඳ නාමය යටතේ අත් බෑග නිර්මාණය කරන්නේ ඇගේ සමාගමයි.

‘ඉරානය ලානා මාක්ස්ට හෝ වෙනත් ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයකුට හෝ අනතුරක් කළොත්, ඊට වඩා දහස් ගුණයකින් ඉරානයට වන්දි ගෙවන්න වේවි’ යැයි ට්‍රම්ප්, ට්විටර් පණිවුඩයකින් ඉරානයට තර්ජනය කර තිබෙනවා. කෙසේ නමුත් පොලිටිකෝ පුවත්පතේ පළ වූ අනාවරණය ඉරානය ප්‍රතික්ෂේප කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *