විශාලතම මත්කුඩු තොගයේ මහමොළකරුවන් ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’

ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රුපියල් කෝටි 295ක් පමණ වටිනා එම මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අද(01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මාර්තු 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.

මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔවුන් පස්දෙනාටම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම මත වරෙන්තු නිකුත් කළ බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන්ට නිල් නිවේදන ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *