ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 22 වැනි තරගය ලෙස චන්දිගාර්හිදී ඊයේ (08) රාත්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ක්‍රීඩකයෝ කඩුලු හයකින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් වුණා.
කිංග්ස් XI පංජාබ් පිල ලකුණු 151 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කලා.
මෙම ජයග්‍රහණයත් සමඟ පංජාබ් පිල තරග හයෙන් හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට උසස්වීම් ලැබූ අතර හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට පහතට වැටුණා.
පංජාබ් පිලට අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කිරීමට සිදුවූ අතර පස්වැනි පන්දුවේදී ඉලක්කය සම්පූර්ණ වුණා.
ලෝකේෂ් රාහුල් පන්දු 53 කින් ලකුණු 71 ක් කරමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වූ අතර රාහුල්ගේ ඉනිම හතරේ පහර හතකින් සහ හයේ පහරකින් වර්ණවත් කෙරුණා.
මයාක් අගර්වල් පන්දු 43 කින් හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් ලකුණු 55 ක් රැස්කළා.
ලෝකේෂ් රාහුල් සහ මයාක් අගර්වල් දෙවැනි කඩුල්ලට ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමින් පංජාබ් ජයග්‍රහණයට මඟ විවර කළ අතර ලෝක විස්සයි20 පිටියේ ප්‍රබලතම පිතිකරු ලෙස සැළකෙන පංජාබ් පිලේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 16 කට දැවී ගියා.
ඩේවිඩ් වෝනර් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් නොදැවී රැස්කළ ලකුණු 70 නිසා පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලට ලකුණු 150 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. වෝනර්ගේ පන්දු 62 ක ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහරක් ඇතුළත් වුණා.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 150
(ඩේවිඩ් වෝනර් නොදැවී 70, විජේ ශංකර් 26, මනීෂ් පාණ්ඬේ 19, දීපාක් හුඩා නොදැවී 14)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 19.5 කදී කඩුලු 4 ට 151
(ක්‍රිස් ගේල් 16, ලෝකේෂ් රාහුල් නොදැවී 71, මයාක් අගර්වල් 55, සංදීප් ශර්මා 21/2)