පාතාලයේ කොණ්ඩ චමිලගේ සිරුර රබර් වත්තක !

පාතාල සාමාජිකයකු වූ චමිල ප්‍රසාද් නොහොත් කොණ්ඩ චමිලගේ සිරුර නවගමුවේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් වත්තක තිබී ඊයේ (11) උදෑසන සොයාගෙන තිබෙනවා.

මොහු ඩුබායි හී සැඟව සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් වනවා.

චමිල ප්‍රසාද් නොහොත් කොණ්ඩ චමිල නැමැත්තා ඝාතනය කර ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මළ සිරුර ඇති ස්ථානයේ ටී 56 අවිවලට යොදන පතොරම් හිස් කොපු තුනක් ද හමුවූ බව පොලීසිය සඳහන් කළා.

පොලියට මුදල් දෙමින් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියකු වන මාකොළ පදිංචි සංජීව ධනුෂ්ක නොහොත් මන්නා නැමැත්තාට පසුගිය වසරේ දෙසැම්බර් 12වෙනි දා සපුගස්කන්ද ගල්වල හංදියේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ සැකය එල්ල වී තිබුණේ කොණ්ඩ චමිලටයි.

ඔහු එම ඝාතනය තමන් කළ බව පිළිගනිමින් අවස්ථා කිහිපයකදීම පොලීසියට භාරවීමට ද උත්සහ දරා ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කළා.

කොණ්ඩ චමිල නැමැත්තා කොක්ලකෑමකට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් බන්ධනාගාර ගතව සිට ඇති අතර දිණුක නැමැති පාතාල ප්‍රබලයාගේ කල්ලියේ සාමජිකයන් සමඟ ඔහු සම්බන්ධකම් ගොඩනඟාගෙන ඇත්තේ එහිදීයි.

බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස ලැබීමෙන් පසු ඔහු සංජීව ධනුෂ්ක නොහොත් මන්නාව වෙඩි තබා ඝාතනය කර පොලීසියට කට්ටි පනිමින් මෙතෙක් කාලයක් සැඟ වී සිට තිබෙනවා.

ඔහුව නවගමුවට කැඳවා වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බව පොලීසිය සැක කරනවා.

එම ඝාතනය මන්නා ඝාතනයට පලිගැනීමක් ලෙස සිදුවී ද, නැති නම් ඔහු පොලීසියට භාරවීමට සූදානමින් සිටි බැවින් එය වැළැක්වීමට ඔහුගේම සඟයන් කළේදැයි සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *