අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කොස්වත්තේ මහනාම හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා අද නියෝග කළේ ය.
ඒ, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතයි.
පසුගිය මස 28 වැනිදා අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා මත කොටුව පොලීසිය මහානාම හිමියන් අත්අඩංගුවට ගෙන තිබිණ.
ඊයේ මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කළ මහානාම හිමියන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.