පොලිසිය සඳහන් කලේ එම වාහනය තුල තිබු බෝම්බය ගෑස් සිලින්ඩර 04ක් යොදා ගනිමින් සකස් කරන ලද බෝම්බයක් බවයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ වෑන් රථය තුල සකස් කර තිබු බෝම්බය සිලින්ඩර් 4 ක් සමග ටයිමරයක් යොදා සකස් කර තිබු බවයි. ඊට අමතරව එම බෝම්බයට නුලක් ද සවිකර තිබු බවත් ඒ මත රුපියල් 1000 මුදල් නෝට්ටු කිහිපයක්ද අතුරා තිබු අයුරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
යම් කිසි පුද්ගලයෙකු එම මුදල් නෝට්ටු දැක ඒවා ගැනීමට ගොස් යම් හෙයකින් බෝම්බයට සවිකර තිබු නුල ඇද්දා නම් එම බෝම්බය පුපුරා යන ආකාරයට සකස් කර තිබු බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.