අතමිට සරු මිනිසුන් ‘කෝට්ටේ කොටු බැම්මේ ගල් ගලවා’ ගෙවල් හදන හැටි මෙන්න (PHOTOS)

(EXCLUSIVE)

ප්‍රතාපවත් කෝට්ටේ රාජ්‍යයේ අතළොස්සක් වන නෂ්ටාවශේෂ අතරින් කැපී පෙනෙන සාධකයක් වූ ඉපැරණි කොටු බැම්ම ආරක්ෂා කිරීමට බලධාරීන්ට උවමනාවක් නොමැති බවට චෝදනා එල්ල වනවා.

රාජධානියක ප්‍රධානම අංගයක් වන කොටුපවුරක ශේෂයන් ද දැන් විනාශයට ලක්වෙමින් තිබෙනු දක්නට ලැබෙනවා.

පිටකෝට්ටේ මංසංධියට ආසන්න බංගලා හන්දියේ සිට මීටර් දෙසීයක් ගිය තැන කොටු බැම්මේ ශේෂයන් හඳුනාගත හැකිය.

කොටුබැම්ම එකල අඩි දොළෙස් දහසකට අධික ප්‍රමාණයකින් යුක්ත බව තහවුරුව ඇති අතර කබොක් ගලින් නිර්මාණය වී ඇති එය සංරක්ෂණයට කටයුතු යොදා ඇතත් තාමත් සංරක්ෂණය වී ඇති බවක් නම් නොපෙනේ.

කොටු බැම්ම විශාල වශයෙන් විනාශවී ගොස් ඇතත් එය අඩි 08ක් පමණ පළලින් යුක්තව තිබී ඇතැයි සැලකෙනවා.

ඇතැම් ඉඩම් හිමියන් තමන්ගේ බැම්මට අනෙක් පස ඇති ඉඩමට හෝ නිවසට යාමට සිමෙන්ති පඩිපෙල් ද කොටු බැම්ම මතින්ම ඉදිකර ඇති අයුරු දැකිය හැකියි.

තවත් නිවෙස් හිමියන් කබොක් ගල් බැම්මේ ගල් ගලවා පළලින් අඩුකර ඇත්තේ තමන්ගේ ඉඩමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහායි.

අතමිට සරු පුද්ගලයන් තම ඉඩමේ අලංකාරය උදෙසා බැම්ම අසළ ගස් සිටුවා, කොටු බැම්මේ සංරක්ෂණය පුද්ගලයන් යොදවා  ගස් වටා බැම්ම බැඳ ඇති අයුරු දකින්න පුළුවන.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පොල් වලක් කැපුවත් බන්ධනාගාරගත කරන රටක කෝට්ටේ කොටුබැම්ම විනාශ කරද්දීත් බලධාරීන් නිහඬව සිටින බව පැහැදිලි කරුණකි.

බලය සහ මුදල ඇති තැන පුරාවිද්‍යා බලධාරීන් ද ගොලුවන්ය.

(ඡායාරූප – මහේෂ් සංජය )

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *