පැනගිය කොවිඩ් රෝගියා කැටයකුත් කඩලා

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇහැලියගොඩ දී සොයාගත් කොවිඩ් ආසාදිත පුද්ගලයා කැටයක් කඩා ඉන් මුදල් රැගෙන වෙනත් ස්ථානයකට යෑමට බලාපොරොත්තුවෙන් සිට ඇති බව වාර්තා වනවා.

ඔහු සිටින ස්ථානයේ සුදුපැහැදි බෑගලය දමා එම මුදල් ද සමග පොලීස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර වෙත යොමුකිරීමට කටයුතු කර තිබෙනවා.

රෝගියා වාලච්චේන සිට ඇහැලියගොඩ දක්වා පැමිණි ආකාරය සඳහා පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පළාගොස් තිබුනා.

ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක් බවත් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *