කොවිඩ් එන්නතක් ළඟදීම ලංකාවට

චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා..

 

ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවා.

එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති, චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000කට අත්හදා බලා ඇති අතර එම පුද්ගලයන් රටවල් 10ක ජාතීන් 125කට අයත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමක් ලෙස එම එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් ඉන් දරුණු අතුරු ආබාධ පෙන්වා නොමැති බව වාර්තා වනවා.

තානාපති කාර්යාලය පවසන්නේ කොවිඩ් වයිරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, වයිරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයන් සහ දේශසීමාවල සේවය කරන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතාවන් සඳහා එන්නත සපයා තිබෙන බවයි.

එය සිදුකර ඇත්තේ චීන නීතිවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රීතිවලට අනුකූලව බව චීනය පවසනවා.

You May also like

2 Comments

  1. ධර්මපාල තුමා කිව්ව සුද්දා යනකොට හදලා ගිය කලුසුද්දෝ උබලා තමයි. සුද්දාගේ බෙහෙත් නැත්තම් අපේ දේශීය දෙයක්වත් මිනිසුන්ට බොන්න දීලා මිනිස්සු රැකගන්න උත්සහ කරපල්ලා……උබලාගේ බොරු මාන්නේ නිසා මේ රටේ මිනිස්සු දුක් විදිනවා………

  2. Suddek dhunnoth waha hari minisunta dei

Leave a Reply

Your email address will not be published. Required fields are marked *