දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප

16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී පොලිසියට භාරවූ දකුනු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.

ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු අක්මීමන, බටදූව ප්‍රදේශයේ ඔහුට අයත් දේවාලයක් තුළදී පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි කර තිබුණි.

සිද්ධිය ගැන පෙර ලිපිය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *