ශාන්ති කර්මය අතරේ දැරියකට ලිංගික හිරිහැර කළ බව කියන මන්ත්‍රී භාර වෙයි

දකුණු පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත නීතීඥයෙකු හරහා මේ වන විට පොලිසියට භාර වී තිබෙනවා.

වයස අවුරුදු 16ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදාල දැරිවිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අවුරුදු දාහතරක් වයසැති දැරියකට යක්ෂ බැල්මක් ඇති බව කියමින් ශාන්තිකර්මයක් කිරීමට ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ මෙම මන්ත්‍රීවරයා පැමිණ ඇති අතර එම ශාන්තිකර්මය සිදුකරන අවස්ථාවේදී දැරියට ලිංගික අතවර සිදුකර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *