ගල්කිස්ස පොලිස් වසමට අයත් තෙලවල ප‍්‍රදේශයේ මත්කුඩු අලෙවිකරණ ‘කුඩු චූටී’ සොයා කරන ලද පොලිස් මෙහෙයුමක් රිළවෙකු සහ බල්ලන් යොදා වැළැක්වූ බව වාර්තා වනවා.
ගල්කිස්ස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීමට සහභාගිවූ අවස්ථාවේදී පොලිස් නිලධාරියකුව බල්ලන් උසිගන්වා සපා කෑමට ලක්කර තිබෙනවා.
නිවස වටලා නිවසේ උළුවස්ස අසලට යෑමේදී සැඟවී සිට රිළවකු පොලිස් නිලධාරියකුගේ ඇඟට පැන ඇති අතර ඔහු රිළවාගෙන් බේරීම සඳහා නිවස පිටුපසට දිවයන විට ජර්මන් ෂෙපර්ඞ් වර්ගයේ බල්ලන් තිදෙනකු කූඩුවලින් මුදා හැර කුඩු චූටි නැමැති කාන්තාව අලෙවි කරමින් සිටි මත්කුඩු ද රැගෙන පලාගොස් තිබෙනවා.
එම නිලධාරියා බල්ලන්ගෙන් මුදවා ගෙන ලූනාව රෝහලටත් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පානදුර මහ රෝහලටත් ඇතුළත් තිබෙනවා.