කුලියාපිටිය වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා යතුරු පැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් සිසුවෙකු වෙනුවෙන් බොදු පිළිවෙතට අනුව අවසන් කටයුතු සිදු කළ පුවතක් වාර්තා වනවා.
එම්.එල්.ඩිල්ෂාන් නම් වන එම සිසුවාගේ අවසන් කටයුතු සිදු කෙරුනේ වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිසුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙනුයි.
අවසන් ගමන් ගිය සිසුවාගේ මෘත දේහය අසළ මහා සංඝරත්නය හා කිණියම මුස්ලිම් දේවස්ථානයේ මවුලවි තුමන් අසුන් ගෙන සිටි අතර මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩීම මහා සංඝරත්නය විසින් සිදු කළා.
මෙහිදී අනුශාසනාව සිදු කළේ වීරපොකුණේ නාගිත ස්වාමින් වහන්සේයි.