මහේල ඇවිල්ලා සර් කියලා කිව්වා.. ඒ හැදිච්ච විදිහ

ලෝකයේ වටිනාම ක්‍රිකට් විනිසුරුවා වශයෙන් කුමාර් ධර්මසේන දෙවැනි වරටත් අයි.සී.සී. සම්මානයට පාත්‍ර වුණා.

ඔහු මීට පෙර 2012 දී ද එම සම්මානය දිනා ගත්තා.

ලෝකයේ ක්‍රිකට් නායකයන් සහ තරග තීරකවරුන්ගේ වැඩිම කැමැත්ත මත විනිසුරු සම්මානය ලබාගත් ඔහු, ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිය අදහස් දක්වා තිබුණා.

එහිදී විනිසුරුට ‘සර්’ කීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා තිබුණා.

‘අද තමන්ගෙ ඉන්න ලබා ගන්න අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අය සර් කියන්නෙ නැහැ. මම මුල්ම මැච් එක අම්පයර් කරන කොට මහේල ඇවිල්ලා මිඩිල් ස්ටම්ප් සර් කියලා කිව්වා. එයයි මමයි යාළුවෝ. නමුත් පොඩි කාලේ ඉඳලා ඒ හැදිච්ච විදිහ. මම අපේ රට ගහන තරග අම්පයර් කරන්නෙ නැහැ පෞද්ගලික තීරණයක් නිසා. නමුත් මම අපේ පැනල් එකේ අනිත් අයගෙන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගැන ඇහුව්වාම ඒක ලංකාවේ අයගෙ ටිකක් අඩුයි. හැබැයි ඔස්ට්‍රේලියාවේ අය මැද්දට ආපු ගමන් හැමෝම සර් කියලා කියන්නෙ. සර් කියන්න කියලා කියන්නෙ නැහැ. නමුත් ළමයින්ට පොඩි කාලේ ඉඳලා ඒක උගන්වන්න ඕන. මම ගහන කාලේ කාගෙත් එක්ක බැණ ගත්තත් අම්පයර් එක්ක කවදාවත් වාද විවාද කරලා නැහැ.’

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *