කුසල් මෙන්ඩිස් හදිස්සියේ රෝහල් ගතකරයි

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතර තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ අතර අනතුරුව ඔහු පිටියෙන් ඉවත්ව ගියා.

එම අවස්ථාවේ ඔහු පපුවේ යම් වේදනාවකින් පෙලෙන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහායි ඔහුව ඩකා නුවර රෝහලකට ඇතුළත් කර ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *