කුසල් පුහුණුවීම් අතරතුර ආබාධයකට

දකුණු අප්‍රිකාව සමග හෙට (21) පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කුසල් මෙන්ඩිස් වෙනුවට හෙට තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා කැදවනු ඇති බවයි වාර්තා වන්නේ.

පෝර්ට්එලිසබත් හි හෙට පැවත්වෙන තරගයේදී ඇන්ජලෝ පෙරේරා ටෙස්ට් වරම් හිමිවුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *