‘කුසල් හිටියේ ලොකු පීඩනයකින්’ – නායක දිමුත් කියයි

සමාජ මාධ්‍ය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසනවා. ඊයේ (23) තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී “සමාජජාල මාධ්‍ය හරහා මට ගොඩක් දේවල් කිව්වා.. මම FB නෑ.. නමුත් යාළුවෝ මට කියනවා..මේ මේ දේවල් කියනවා කියලා. මම ගොඩාක් කණගාටු වෙනවා ඒ ගැන. ක්‍රිකට් දන්න කට්ටිය දන්නවා අපි කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. නවසීලන්තය..ඔස්ට්‍රේලියා..දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකේ තියනෙ හොඳම රටවල් තුනක්. ඒවගේ අමාරු කන්ඩිෂන්වල ගහනවා කියන්නේ ලේසි නෑ. ක්‍රිකට් දන්න කට්ටිය මොනවත්ම කියන්නෙ නෑ.. නොදන්න කට්ටිය තමයි හැමදේම කියන්නේ. ඒගොල්ලන් එතන ඉඳන් ඒවා දාන්නේ මෙතනට එන්න බැරි නිසා. අපි ඒගොල්ලන්ට වැඩිය හොඳ හින්දා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මං ඒගොල්ලන්ට වඩා රට වෙනුවෙන් දෙයක් කරලා තියෙනවා කියලා..මම කියනවා. ක්‍රීඩකයින්ට බැනලා පෝස්ට් දාන එක විතරයි ඒගොල්ලො කරලා තියෙන්නේ. සමහරවිට එයාලගෙ ජොබ් එක වෙන්න පුළුවන් ඒක. ඉස්සරහට එන ක්‍රීඩකයෙකුට ඒ වගේ දේවල් කරාම.. ඒ ක්‍රීඩකයා මානසිකව වැටෙනවා. ක්‍රීඩකයෙක්ව සමාජජාල මාධ්‍ය ඔස්සේ වට්ටන්නත් පුළුවන්..උඩට ගේන්නත් පුළුවන්.” යනුවෙන් සඳහන් කළා.

කුසල් මෙන්ඩිස්ගේ ඉණිම සම්බන්ධයෙන් නායක දිමුත් කරුණාරත්න ද අදහස් පළ කළා.

එහිදී “ඔහු ලකුණු අතර හිටියේ නැති නිසා ඔහු ගොඩාක් මානසික පීඩනයකින් හිටියේ. ඔහුගේ දක්ෂතාවය අපි දන්නවා. ඔහු වගේ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් මැච් දිනවන ක්‍රීඩකයෙක් වෙනවා. ක්‍රීඩකයෙක් විදිහට තරගයක් මැදට ගියාම නිදහස් මනසකින් ක්‍රීඩා කරන එක තමයි වැදගත් වෙන්නේ.” යනුවෙන් සඳහන් කළා.

You May also like