පුහුණුවීම් අතරතුර පාදය උළුක්කු වීමකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
මෙන්ඩිස්ගේ වළලුකර ආබාධය එතරම් දරුණු නොවන බවත්, එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට (21 ) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථව ඔහුට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.