ජයග්‍රහණයේ සැළසුම ගැන කුසල් කතා කරයි

නවකයින් සමග එක්වී මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට හැකිවීම ගැන සතුටු වන බව දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය කුසල් ජනිත් පෙරේරා පවසනවා.

නොදැවී ලකුණු 153ක් රැස් කරමින් මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරා එහිදී සඳහන් කළේ ජයග්‍රහණය ලබා ගැනීමට 11 දෙනාටම පිතිකරණයේ නිරත වීමට සිදු වූ අතර අවසානයේ සැළසුම වුයේ අනෙක් අන්තයේ සිටින පිතිකරුවාගෙන් තමාට ලකුණු රැස් කිරීමට අවස්ථාව ලබා ගැනීම බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව ඇති ස්ථානයෙන් ඉදිරියට ගමන් කරන්නට උත්සහ ගන්නා මෙවන් අවස්ථාවක කණ්ඩායමක් ලෙස මෙම ලැබූ ජයග්‍රහණය අතිශ්‍ය වැදගත් බවද ඔහු සඳහන් කළා.

ජයග්‍රහණයෙන් පසු තරගයේ වීරයා සම්මානය දිනා ගත් කුසල් ජනිත් පෙරේරා මෙම අදහස් පළ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *