ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, තිරිප්පනේ මාර්ගයේ 117 කණුව ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් සුළු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
අද 14දා පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු, ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් කලේය.