මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (15)පැවසීය.
2020 වසරේ මහ මැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂ සඳහා ලබා දිය යුතු වුවත් ස්ථාවර නියෝග කඩ කරමින් එම කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුව ට ලබා දීමෙන් රට මෙතරම් වයසනයකට පත්වීමට හේතු වූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එවක මුදල් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දුන්නේ නම් රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ තතු ජනතාවට මීට වසර දෙකකට පෙර දැන ගැනීමට ඉඩ තිබූ බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එසේනම් කල් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රට සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉඩ තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රජයට අවශ්‍ය තරම් මුදල් ඇති බව පවසමින් ජනතාව නොමග යවමින් අත්තනෝමතික ලෙස රජයේ කටයුතු කිරීමේ ප්‍රතිවිපාක අද ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් කීවේය.