ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ. ඞී. ලාල්කාන්ත එළඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අනුරාධපුර පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති අතර එක් අයෙක්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
………………………………….
ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට!
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අනුරාධපුර නගරයේදී ඒ මහතා ධාවනය කළ කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කොට තිබෙන අතර ඔවුන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අනතුර වන අවස්ථාවේදී ලාල්කාන්ත මහතා බීමත්ව පසුවී ඇති බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට තිබෙනවා.