ලාල්කාන්ත ඇප මත මුදා හැරේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහුගේ නීතිඥයන් මෝසමක් මගින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදිය.

එහිදී අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරු විසින් අනතුරට පත් කළ යතුරුපැදිය පැද වූ කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සහ අනතුරට පත්වූ දැරියට ද රුපියල් ලක්ෂයක මුදලක් ද ගෙවා ඇති බවයි.

මන්ත්‍රීවරයා බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත මන්ත්‍රීවරයා පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *