මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ ඉහළම නමක් දිනාගෙන සිටින ජපානයේ ටොයෝටා සමාගම ලෑන්ඩ් කෲසර් රථ නිෂ්පාදනය තාවකාලිකව නතර කර තිබේ.
ටොයෝටා සමාගම නිවේදනය කරන්නේ නවතම ලෑන්ඩ් කෲසර් එස්.යූ.වී. රථයක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට වසර 4ක් පමණ් බලාසිටීමට සිදුවිය හැකි බවයි.
ඊට හේතුවී තිබෙන්නේ “චිප්” හිගය හෝ සැපයුම් ජාලාවල ඇති ගැටළුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සත්‍ය කාරණය එය නොවන බවත්, නමුත් ඊට නියම හේතුව හෙළිකිරීම ටොයෝටා සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් ටොයෝටා සමාගමේ වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ ඇති කර්මාන්ත ශාලා 11ක නිෂ්පාදන ධාරිතාව අඩුකිරීමට තීරණය කර ඇති බවයි.
“ලෑන්ඩ් කෲසර් රථය ජපානයේ පමණක් නොව ලොව බොහෝ රටවල ජනප්‍රියයි. නමුත් අපි සමාව ඉල්ලනවා, ඔබේ වාහනය ලබාදෙන්න අපිට කල්ගත වෙනවා.”