“පොලිසිය දුර්වලයි..මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහස් කරන්න වෙනවා.”- කුඩු ග්‍රෑම් 198ක් සමග ඇල්ලූ ජාවාරම්කරුට නිදහස දෙමින් විනිසුරු කී කතාව

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී කොළඹ පුරහල ප්‍රදේශයේ දී අල්ලා ගත් ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළා.

පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන්වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කර ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කර සිටියා.

චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ එම්.ධනසිරි නමැත්තෙකි.

2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබුණා.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොළඹ පුරහල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු හෙරොයින් තොගයක් ද සමඟ අල්ලා ගත් බව හෙළි වුණා.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සාක්කි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් තබන ලද සටහන්වල දුර්වලතාවයන් ඇති බවද හෙළි වුණා.

මෙවැනි විශාල හෙරොයින් තොගයක් පොලිස් නිලධාරීන් විත්තිකරුට හඳුන්වා දුන් බව සිතීමට හැකියාවක් නොමැති වුවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීන්දු කළ විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *