මෙරටින් හමු වූ දැවැන්තම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් හමුවේ – වටිනාකම රුපියල් මිලියන 2945 ක්

මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී සමත්ව තිබෙනවා.

ඊයේ (23) සවස කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම විශේෂ වැටලීම සිදු කළා.

කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ මෙම ඒකාබද්ධ වැටලීමේදී රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමින් යුත්, හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490 ක්, සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර මීට පෙර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බවට වාර්තා වූයේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි නිවසකින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සොයාගත් හෙරොයින් තොගයයි.

එම වැටලිමේදී සොයා ගනු ලැබු මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278 ක්. කොකේන් කිලෝග්‍රෑම් 5 ක් ද මෙහි දී සොයා ගැණුනා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *