ලසිත් මාලිංග කියන්නේ ලංකාවේ නම ලෝකෙට අරගෙන ගිය ලෝකෙම හොල්ලපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පහුගිය දවස්වල තමන්ගේ එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් මාලිංග මේ වෙද්දී හැමෝගෙම හිත්වල අමතක නොවන චරිතයක් වෙලා අවසන්.
ඉතින් ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වන මාලිංග ගැන ගොඩක් අය නොදන්න කතාවක් තමයි අද මේ කියන්න හදන්නේ. හැමෝම නොදන්නවා වුනාට මාලිංග කියලා කියන්නේ මෝටර් රථ ධාවන තරග වලටත් දස්කම් දක්වන කෙනෙක් කියලා ඔන්න අපිට දැනගන්න ලැබුනා. නිකන්ම නෙමෙයි සාක්ෂිත් එක්කම. මේ තියෙන්නේ පහුගිය දවසක කටුකුරුන්ද මෝටර් රථ ධාවන පථයේ පැවැත්වුන එක්තරා සුවිශේෂී තරගයක දර්ශන. තරගය අවසානයේ අන්තර්ජාලයට මුදාහැරලා තිබුන මේ වීඩියෝ එක ගොඩක් අයගේ අවධානයට ලක්වෙලා තිබුනා.
මාලිංගට අයිති BMW I 8 මෝටර් රථයම තමයි ඔහු මේ වෙනුවෙන් යොදාගෙන තිබුනේ. වාහනේ දැක්ක ගමන් ගොඩක් අයට මේ මාලිංග වෙන්න ඕන කියලා සැකයක් මතු වුනත් ඒක හරියටම තහවුරු කරගන්න අවස්ථාව ලැබෙන්නේ වීඩියෝ එකේ අවසානයේදීයි.
මේක ටිකක් විනෝදයට කරපු වැඩක් වුනත් මාලිංග ක්‍රිකට් වලට වගේම ධාවනයටත් දක්ෂයෙක් වගේම පුරුදු කාරයෙක් කියලා ඔහු පිටියේ මෝටර් රථය ධාවනය කරන විදිහ බලාගෙන හිටපු ගොඩක් අය කියන්න ගත්තා. ඉතින් කොහොම වුනත් වැඩි සද්දයක් නැතුවම පටන් ගත්ත මේ අලුත් වැඩේ ගැන මාලි ගෙන් ඉස්සරහරත් අලුත් අලුත් ආරංචි එන්න පටන් ගනියි කියලා තමයි දන්න අය නම් කියන්නේ. එහෙනං ගිහින් බලන්නකෝ ක්‍රිකට් මාලි රේස් පදින අපූරුව.