සබ්‍රි පෙන්නපු පාස්පෝට් එකේ cancel අකුරු ඇමරිකාවට වැරදිලා – මංගල

මේ දිනවල ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය තවමත් ද්විත්ව පුරවැසිද නැතිනම් ශ්‍රී ලාංකික පමණක්ද යන ගැටලුව ගැන සාකච්ඡාවක් පවතී. වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර ගොනු කළ පෙත්සමින් ගෝඨාභය 2005 දී ලබාගත් ද්විත්ව පුරවැසිභාවය අධිකරණයේදී තහවුරු වුවද පසුකාලීනව 2019දී ඔහු ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත් ලේඛන තවම නිශ්චිත නොවීම මෙම ගැටලුවට මුල්ව තිබේ. මේ වනවිට හිමිනමක් උපවාසයේ යෙදෙමින්

අනෙක් අපේක්ෂකයින්ට අසාදාරණයක් බැවින් දින 3 ක් ඇතුළත නිවැරදි ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අතර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනපති නීතීඥ අලි සබ්‍රී ඊයේ දන්වා සිටියෙ සියලු ලිපි ලේඛන ගෝඨාභය සතු බවයි.

ඒ අනුව සහතික පතක් හා පුරවැසිභාවය අහෝසි කළ බවට කැන්සල් යනුවෙන් සීල් ගැසූ ගෝඨාභයගේ ඇමරිකානු පාස්පෝට් එකද ඔහු පෙන්වා සිටියේය. එයට ප්‍රතිචාර දක්වන මංගල සමරවීර ඇමතිවරයා කියා සිටින්නේ cancel කැන්සල් යනුවෙන් නිල මුද්‍රාවක් ඇමරිකානු රජය පාවිච්චි නොකරන බවයි.

එය Cancelled යනුවෙන් අතීත කාලයෙන් සටහන්ව දැක්විය යුතු බවත් බොරුවක් පෙන්වා ඇති බවත් ඔහු චෝදනා කරයි. ඒ නිසා අලි සබ්‍රි ජනතාව නොමග යවා ඇති බවද ඔහු දන්වා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *