කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් ක්‍රිකට් විවේකාගාරයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර ඇත්තේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා මෙම වීඩියෝව සම්බන්ධයෙන් පසුගිය දා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ වීඩියෝ පටිගත කර ඇත්තේ ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටි විදේශිකයකු විසින් බවට හා ඔහු සිංහල භාෂාව නොදන්නා පුද්ගලයකු බැවින් ඔහුගේ අතින් තවත් පුද්ගලයකු අතට ගිය වීඩියෝව අවසානයේ මාධ්‍යවෙත පැමිණීම ප්‍රශ්නයක් වූ බවයි.
“කණ්ඩායම් කළමණාකරුගේ වාර්තාව මේ වන විට මට ලැබී තිබෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව කල්පනා කරලා දැනට මම එය තියාගෙන ඉන්නවා.නමුත් අපි එම සිද්ධිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමින් පියවරක් ගන්න ඕනේ.ක්‍රීඩකයන්ගේ විවේකාගාර තුළ මේ වගේ දේවල් කථා කරනවා. මමත් ක්‍රීඩා කරලා තියෙනවානේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මේක විඩියෝ කරලා සාමාජ මාධ්‍ය ජාලවල පළවීම ප්‍රශ්නයක්. විවේකාගාරයක් තුළ පෞද්ගලික මට්ටමින් වූ සිද්ධියක් වෙන කෙනෙක් තමන්ගේ වාසියට යොදා ගැනීම පිළිබඳව දැඩි පියවරක් ගන්න වෙනවා” . යනුවෙනුයි.