“අපිටත් ඒ වගේම ප්‍රශ්න තිබ්බා..අවාසනාවකට ඒ දේවල් එළියට ආපු එක වැරදියි” -රටක් වරද පටවද්දී සංගා සහ මහේල ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන කාරුණික වූ හැටි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසු ක්‍රීඩක විවේකාගාරය තුළදී පළ කළ අදහස් ඇතුළත් වීඩියෝ පටය පිළිබඳව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන අදහස් පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය තුළදී සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝව සමාජජාල හරහා සංසරණය වීමත් සමග එය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර සඳහන් කරන්නේ “ක්‍රීඩාගාරයේදී සමීපව එකට කතා කරන දේවල් පටිගත කරලා එළියට දාන්න අවශ්‍යතාවයක් නෑ. අපිටත් විශේෂිත වූ ඒ වගේම ප්‍රශ්න තිබ්බා. නමුත් අපේ වාසනාවට පරිණත වූ අත්දැකීම්වලින් වැඩි…වයසිනුත් පරිණත වූ කණ්ඩායමක් තමයි හිටියේ. නමුත් දැන් කණ්ඩායම ඉතාමත් ලාබාලයි.ඔවුන්ට අපිට දැනුනු පීඩනය වැඩිවෙලා දැනෙනවා ඇති. “යනුවෙනි.

මහේල ජයවර්ධන සඳහන් කරන්නේ “කණ්ඩායමක් ඇතුළේ සිදුවන දේවල් කණ්ඩායම ඉදිරියේ කතා කරන එක තමයි වැදගත් වෙන්නේ. කතා කරපු හැම කෙනාව ඉතාමත් වගකීමකින් කතා කළේ. අවාසනාවකට ඒ දේවල් එළියට ආපු එක වැරදියි. ඒ දේවල් එළියට එන්නේ නැතිව තියාගන්න දැන් ඉදිරියේදී ඔවුන් වගබලාගත යුතුයි .” යනුවෙනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *