ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට-අනිද්දා ලංකාවට දිස්වෙයි

ලියෝනිඩ් (leonid) උල්කාපාත වර්ෂාවේ උපරිමය හෙට (18) සහ අනිද්දා (19) දිනවල ශ්‍රී ලංකාවාසීන්ට හොඳින් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය මහතා පැවසීය.

මෙම දින දෙක තුළ පාන්දර 2.00න් පමණ පසුව නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාත දැක බලාගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි අතර, මෙය උල්කාපාත විශාල සංඛාවක් පෙනෙන එකක් නොවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *