මාතර මාලිම්බඩ ප්රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (06) සවස 5ට පමණ කුඹුරු යායක සිටි මී ගවයන් රැගෙන යමින් සිටියදී මෙම පුද්ගලයාට අකුණුසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
ඔහු සුල්තානාගොඩ ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.
මෘත ශරීරය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මාලිම්බඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.