සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක්

ලබන 21 වන සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව බස් රථවල මගීන් ගෙන යාමට බස් හිමියන් සහ සේවකයන් දැනුවත් කර ඇති බවයි.

බස් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කරන බව ද ගැමුණු විජේරත්න සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *