ගෑස් ගන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක්

තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

කොළඹ දැන් (04) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් අනිද්දා ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *