කිරිපිටි මිල වැඩි නොකරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ තනතුර අවදානම් බවත්, එම තනතුර රැක ගැනීමට නම් කිරිපිටි මිල වැඩිකළ යුතු බවට බහුජාතික සමාගමක අධ්‍යක්‍ෂවරයෙක් ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු පාරිභෝගික අධිකාරියේ සභාපතිට බලපෑම් සිදුකර තිබෙන බවටත් තොරතුරු වාර්තාවේ.
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙම බහුජාතික සමාගමේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු එහි තවත් නිලධාරීන් කිහිපදෙනකුම කිරිපිටි මිල වැඩි කිරීමට සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වාචිකව (දුරකථන මඟින් ඉල්ලීම්, ඇවිටිලි කිරීම්) දැඩි ලෙස ඉල්ලීම් කර ඇති අතර පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති හසිත තිලකරත්න මහතා වරක් ප්‍රකාශ කර ඇත්තේ මිල වැඩිවීමක් සිදු නොකරන්නේ නම් ඔහුගේ තනතුරුද අවදානම් බවයි.
පාරිභෝගික අධිකාරියට මිල වැඩි කරන ලෙස ඉල්ලීම් කළ බහුජාතික සමාගම් අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරීහු පිටුපස සිටින දේශපාලනඥ හස්තය ගැන පාර්ලිමේන්තුවෙදී ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.