බස් නැතුව ලොරියේ පාසල් ගිය ළමයි 13ක් තට්ටුව කඩා වැටි රෝහලේ

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී මෙම සිදුව තිබේ. දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී තිබේ.

දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු ලොරි රථයේ තට්ටුව අතර මගදී කඩා වැටී ඇති අතර, ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන් බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published.