ඊයේ දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සැමරීම වෙනුවෙන් නෙළුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීම සිදුකෙරුනා.
මේ අතර එහි සැමරුම් උත්සවයක් ඊයේ පැවැත්වුනේ කොළඹ කාසල් රෝහලේදයි.
මේ අතර හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සමරුවේ මෙලෙසින්.
සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින රෝගී සුරක්ෂිතතාව පිළිබද අන්තර්ජාතික දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරුනා.
ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලැබුවා.