තහනම් නොතකා ‘යාපනය විශ්වවිද්‍යාලයේ’ LTTE සැමරේ(PHOTOS)

අවසන් යුද සමයේදී මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී මිය ගිය අය සිහිකොට අද (18) 11 වන සැමරුම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් නොමැතිව හොර රහසේම සැමරීමට සිසුන් පිරිසක් පියවර ගෙන තිබුණා.

පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් යාපනය සරසවිය වසාදමා ඇති අතර කිසිදු යුද සැමරුම් උත්සවයක් සිදු නොකරන ලෙසටද පොලීසිය විසින් දැනුම් දී තිබුණා.

2009 වසරෙන් පසුව සෑම වසරකම සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ සැමරුම අද දින උදෑසන සිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව විශ්වවිද්‍යාලයේ යුද සැමරුම් ස්මාර්කය අසලදී කිසියම් සිසුන් පිරිසක් හොරරහසේම මල් පහන් දල්වා සිදු කොට තිබෙනවා.

එමෙන්ම පිරිස් සහභාගීත්වයෙන් මිය ගිය අය සැමරීමට නොහැකිවීම හේතුවෙන් තමන්ගේ නිවෙස්වල හෝ සිට මිය ගිය අය සැමරීමට පියවර ගන්නා ලෙසට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලීමක්ද කොට තිබුණා.

You May also like

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *