මියගොස් වසර විසිපහක් ඉතාලියේ ශිතාගාරයක තබාතිබු චාවාකච්චේරියේ පදිංචි කරුවෙකුගේ මෘතදේහයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන්බඩු අංගනයේදී ඥාතින් විසින් බාරගෙන ඇත.
මෙසේ රැගෙනවිත් ඇත්තේ 1994 මැයි මස 5 වනදින ඉතාලියේදී මියගිය යාපනය චාවාකච්චේරියේ පදිංචිව සිටි එම් ශ්‍රී ධරන් ජෝර්ජ් යන අයගේ මෘතදේහයයි.
යාපනයේ පැවති යුධසමයේ 1990 දී පමණ රැකියාවක් සදහා ඉතාලිගොස් ගිය ශ්‍රී ධරන් ජෝර්ජ් මහතා රැකියාව කරඇත.
මේ අතර තුර හෘදයාභාදයකට ගොදුරුවී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින සිට ඇති අතර තමන් මියගියහොත් දේහය ශ්‍රීලංකාවට රැගෙන ගොස් මිහිදන්කලයුතු බවප්‍රකාශ කර තිබේ. පවතින යුද වාතාවරණය අවසන් වනතෙක් වසර විසිපහක් දේහය සුරක්ෂිතව තබාගැනීම සදහා ඔහු ඉතාලියේ ශීතාගාර සමාගමක් සමග ගිවිසුම් ගතව ඇත.
වසර 25 අවසන්වීමට ආසන්නව ඇතිබැවින් අදාල සමාගම විසින් මෘතදේහය ගුවන් මගින් කටුනායකට ඒවා තිබු අතර අවසන්කටයුතු සදහා චාවකච්චේරිය වෙත රැගෙන යාමට ඔහුගේ පුත්‍රයෙකු ඇතුළු ඥාතින් විසින් දේහය බාරගැනීම සිදුවිය.
– බර්ටි වීරසිංහ –