අපි වාර්තා කළ පරිදි පොලිස් රෝහලේ අධ්‍යක්‍ෂිකාවත් මාරු (Exclusive)

පොලිස් රෝහලේ ඉහළම පුටුවක් මාරුවෙයි?

පොලිස් මූලික රෝහලේ අධ්‍යක්‍ෂක තනතුරේ සිටි කාන්තා ජෙයෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන මේවන විට මාරු කර ඇත.

වත්මනේ එලෙස එම ධූරයේ සිටි ඇය වසරක පමණ කාලයක් එම නිලයේ සේවය කළ අතර ඇයට පෙර එම නිලයේ සිටි දෙදෙනෙක් වසරක් තුලදී මාරු විය.

සරත් වීරසේකර මහතාගේ පුතා පොලිස් රෝහලේ සේවය කර ඇති අතර ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකිරීමේ සිදුවීමක් මෙම මාරුවට හේතුවක් වී ඇති බව පොලිස් රෝහලේ ප්‍රකාශයකු අප සමඟ පැවසුවේය.

කෙසේවෙතත් ඇමති සරත් වීරසේකරගේ ක්‍රියාකලාපය මේවන විට විවිධ පාර්ශව විසින් විවේචනය කරමින් සිටියි. පසුගියදා පොලිසියේ තනතුරු ලබා දීම සම්බන්දයෙන් ද ඔහුව දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද පවසන්නේ මේ යන තත්වය ඉතාමත් කණගාටු දායක බවය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *