ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා කියමින් මධු මාධව තෙවෙනි විවාහ දිවියට (Photos)

ගායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරියකු වන මධුමාධව අරවින්ද ඊයේ (23) තෙවෙනි වරට විවාහ දිවියට පිවිසියා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාරිත්‍ර සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්වූ අතර ඔවුන් දෙදෙන සාක්ෂි අත්සන් කර තිබුණි.

ප්‍රකට නිළි නිල්මිණි තෙන්නකෝන් සමග පළමු විවාහයෙන් දියණියකද සිටින මධුමාධව එම විවාහයෙන් ඉවත්වූයේ වසර 2000 දීය. අනතුරුව රෙනුෂා නමැති මුස්ලිම් ජාතික තරුණියක හා 2011 දී ඔහු දෙවන විවාහයකට ගියත් එය 2015දී අවසන් විය.

මදු මාධව අලුතින් විවාපත් තැනැත්තිය ගැන වැඩි විස්තර තවම හෙළි නොවූ රහසකි.

පසුගිය දින කිහිපයේ මේ පිළිබඳව ආරංචි පැතිර යද්දී මධුමාධව ඒ ගැන තැබූ සටහන

මගේ ජීවිතේ මට හමුවුණු. මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මේ අරවින්ද යායේ මා හැරගිය, මියගිය අය ඉන්නවා. මගේ ජීවිතේ නැවත හැරී බැලීමට තවත් අවශ්‍ය වුණා. ඒකට මගේ ජීවිතේ කියනවාට වඩා මම අරවින්ද යාය කියලා නම් කළා.

ඒ අරවින්ද යායේ මට සෙවණ දුන්න, ප්‍රේම සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සියල්ලම මම වළලනවා. මේ රාත්‍රිවල මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. ඔය යායේ විශේෂිත වූ මල තමයි ආදරේ පිළිබඳව පිපුණු මල. ඒ හැමදේම මම කියන කෙනෙක් නිසා කාලයකට කලින් ඔව් අරවින්ද යායේ අවසාන මලත් 2015 පරවුණා. ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ කියලා කිව්වා.

ආයෙත් දැන් මම කියනවා, අරවින්ද යායේ මල් පිපෙනවා. ජීවිතේ අපූරු සුවිශේෂී වූ අත්දැකීම් හැමෝටම තියෙනවා. ඒවා මේ කාර්යබහුලකමත් එක්ක අපිට අමතක වෙනවා. නමුත් මම හිතන දෙයක් තමයි රස තියෙන දේ ජීවිතේ එක්ක ගොඩක් තියෙනවා. මේ අතරේ සමහර ඒවා හරි දුකයි. සමහර ඒවා හරි සතුටුයි. හැමෝම යනවා. ඒ යන්නෙ යම් හේතුවක් එක්කයි. අරවින්ද යාය කියන්නෙ මා හැරගිය, ගෙවිලා ඉවරවුණු ආදරණීය වසන්ත කාලයක්.

මම හරි සංවේදී කෙනෙක්. ඒක මාව දන්න අය දන්නවා. මට ඉක්මනට තරහ යනවා. හැබැයි ඉක්මනටම නිවෙනවා.

මම ආදරයෙන් මිනිස්සු දිහා බලන්න ඉගෙනගත්තු කෙනෙක්. එහෙම කෙනෙක්ට ජීවිතේ ආදරයත් අවශ්‍යයි. මම හැම පරාජයක්ම ඉතා ආදරයෙන් සමරනවා. ඒක කොච්චර දුෂ්කර කාර්යයක් වුණත් මම ඒක විඳ දරාගන්නවා. මම ජීවිතේ අමාරු කාලවලදී තනිවූ හුදෙකලාව වින්ද කෙනෙක්. හැබැයි මම මැරෙන්නෙ නැහැ. මම හුස්ම ගන්නවා. ඒ හුස්ම හරි රහයි. හැමදේම තියෙද්දී අපිට හුස්ම ගන්නවාද කියලවත් මතකයක් නැහැ. හැබැයි අමාරැවෙන් හුස්ම ගනිද්දී ඒ හුස්ම හරි රහයි. ඉතින් හුස්ම අදින මගේ ජීවිතේට වතුර බින්දුවක් දෙනකම් මම බලාගෙන හිටියා. සමහර වතුර බින්දු මම අතහැරියා. ඉතින් නිශ්ශබ්දව බලාගෙන ඉන්නකොට, දූවිල්ලක් මැද්දෙ මගේ ජීවිතේ තියෙනකොට කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒ බලාසිටීමට මම කල් දුන්නා. ඒක වෙනසක් වුණේ නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *