මුස්ලිම් ඡන්ද කැඩූ මධුමාදව පොහොට්ටුවෙන් එළවයි

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා එම පක්ෂය තුල ඔහු දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළ දැනුම් දීමකට අනුව ඔහු මෙසේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවන් සිදුකළ ප්‍රචාරණ රැස්වීමකදී උග්‍ර මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් කරන ආකාරයක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් සංසරණය වී තිබුණු අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැවැන්ත හානියක් සිදුකළ බව එම පක්ෂයේ මතය වී ඇත.

අදාළ ප්‍රකාශය ප්‍රසිද්ධියේම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී ද ප්‍රකාශ කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *