මාකඳුරේ මධුෂ්ගේ ළඟම ගෝලයාවූ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා සමඟ සබඳතා පැවැත්වූ පුස්තකාල සහායකවරිය අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට චෝදනා නගමින් එම කාන්තාව පොලිස් කණ්ඩායම් තුනකට එරෙහිව නඩු පැවරීමට කි‍්‍රයාකර ඇතැයි පෑලියගොඩ කොට්ඨාස විමර්ශන ඒකකයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
මෙම කාන්තාව මධුෂ් පිළිබඳව තොරතුරු රැසක් දන්නා බවද මධුෂ් ඉපයූ රුපියල් කෝටි ගණනක මුදල් සහ නිවාස මෙම කාන්තාවගේ නමින් පවතින බව විශ්වාස කරන බවත්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී ඇය අතුරුදන්වී ඇති බවත්ද පොලිස් පරීක්‍ෂකවරයා පවසනවා.
මෙම කාන්තාව පොලිස් පරීක්‍ෂණවලට අත්‍යවශ්‍ය බවද දැන් ඇය පාතාලයේ රහස් තොරතුරු වසා ගැනීම සඳහා පොලිසියට සහ විශේෂ කාර්ය බළකායට එරෙහිව නඩු පැවරීමට යන බවද ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.