මධුෂ්ගේ මුදල් ආයෝජනය කර ආරම්භ කළ ‘ඩ්‍රොප් මී ‘ වාහන කුලී ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටි කංජිපානි ඉම්රාන්ගේ අඹ යහළුවෙකු වන රිස්ඛාන්ව ඝාතනය කළ පුද්ගලයාගේ හිස ගසා දැමීම ඩුබායි සිට මධුෂ් ඇතුළු පිරිස සජීවීව නැරඹු බව හෙළිව තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින කංජිපානි ඉම්රාන් කොළඹ වරාය භූමියේ පිහිටි අධි ආරක්ෂිත සිර මැදරියක රඳවා ගනිමින් මේ වනවිට ප්‍රශ්න කරන අතර ඔහු විසින් මේ බව හෙළි කරනු ලැබුවා.
“රිස්ඛාන් අහිංසකයෙක්. මිනිහගෙ නමින් ඩ්‍රොප් මී පටන්ගන්න කොට මධුෂ් අයියට මම කිව්වා එයාව මේ වැඩවලට ගාව ගන්න එපා කියලා. ඇහුවේ නැහැ. අන්තිමට මොකද වුණේ. මධුෂ්ට රිද්දන්න රිස්ඛාන්ඛාන්ට වෙඩි තියලා මැරුවා.
රිස්ඛාන්ව මැරුවේ ගොත අසංක. මිනිහට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණා. සමයං මරපු එකට. සමයංගේ තැන දැන් ඉන්නේ ගොත අසංක.
රිස්ඛාන් මැරුවා කියලා දැනගත්තාම මම මධුෂ් අයියා එක්ක රණ්ඩු වුණා. අහිංසකයා මරා ගත්ත කියලා. ඒ වේලාවෙ මධුෂ් අයියා මට කිව්වා උඹ දුක්වෙන්න එපා. ඕකුන්ගෙන් මම පළිගන්නවා කියලා. සතියක් යන්න ඉස්සරින් රිස්ඛාන් මරපු එකාගේ බෙල්ල ගෙනත් රිස්ඛාන් මරපු තැනම තියනවා කියලත් කිව්වා. ඒ වගේම මධුෂ් අයියා කළා. ඒ සතියම මම මධුෂ් අයියා එක්ක කතා කළේ නැහැ.
රිස්ඛාන්ට වෙඩි තියපු කොස්මල්ලි කොහොම හොයාගත්තද දන්නේ නැහැ. වීඩියෝ කෝල් එකක් අරගෙන කොස් මල්ලි එක්කත් මධුෂ් අයියා කතා කළා. කොස්මල්ලි ගහක ගැටගහලයි හිටියේ. දැන් උඹගේ බෙල්ල කපලා මරනවා කියලත් කොස් මල්ලිට කිව්වා. අන්තිමට ඒ කිව්වා වගේ බෙල්ල කපලා රිස්ඛාන්ගේ ගේ ගාවට ගිහින් දැම්මා. බෙල්ල කපල මරන එක මධුෂ් අයියා වීඩියෝ කෝල් එකෙන් බලාගෙන හිටියා“ යනුවෙන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී කංජිපානි ඉම්රාන් හෙළිකර තිබෙනවා.