ඩුබායි ඉන්න 6 දෙනකු ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි

ඩුබායි දේශයේ රැඳීසිටින තම කල්ලියේ ප්‍රබලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ අවදානමක පසුවන නිසා ඔවුන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පොලිස්‌ අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් නමැති පාතාල නායකයන් දෙදෙනා ඔවුන්ගේ මෙරට පවුලේ සාමාජිකයන් වෙත දුරකථනයෙන් දැනුම් දී ඇත.

මෙම පාතාල නායකයන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කිරීමට ඩුබායි පොලිසිය පෙරේදා (07 වැනිදා) අවස්‌ථාවක්‌ ලබා දී තිබිණි.

එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් පාතාල නායකයන් දෙදෙනා ඩුබායිහි සැඟවී සිටින තම සගයන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස දැනුම් දී ඇත.

මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් මෙරට පදිංචි තම ඥාති හිතවතුන්ට දුරකථනයෙන් කතා කළ බවට තොරතුරු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *