හාල් අස්සේ බුලට්.. රට පුරා මධුෂ්ගේ ගිනිඅවි – STF සීරුවෙන්

මධුෂ්ගේ ගිනිඅවි සොයා ගැනීම පොලිස් විශේෂ කාර්ය බළකායේ ඊළඟ අභියෝගය වී ඇති බව වාර්තා වනවා.

කැවුමා මෙරට බන්ධනාගාරයක සහ මධුෂ් ඩුබායි බන්ධනාගාරයක දැනට සිරගත කර සිටින නමුත් මධුෂ්ගේ සෙවණැලි තවමත් මෙරට තුළ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව විශේෂ කාර්ය බළකායේ අදහසයි.

මරදානේ චොප්පෙලා, නාවල නිහාල්ලා, කඩුවෙල වසන්තලා මෙරට පාතාලය හෙල්ලූ මිනිසුන් වුව ද පාතාල ගැටුම්වලින් පාතාලයට කිසිසේත් සම්බන්ධ නැති මිනිසුන් ඝාතනය නොවූයේ ඔවුන් පාතාල කටයුතුද එක විදියකට සිදුකළ නිසා විය හැකියි.

නමුත් වර්තමානය වන විට පාතාලය මෙම තත්ත්වයට වඩා වෙනස්ය. ඔවුන්ගේ නියෝගවලට සහ ගිනි අවිවලට හිත්පිත් නොමැතිය. ඊට හොඳම උදාහරණ සපයනු ලබන්නේ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත පිළියන්දල ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් 2017 වසරේ මැයි මාසයේ සිදු වූ වෙඩි තැබීමයි.

පාතාලයේ වෙඩි වරුසාවෙන් මල්කැකුළියක්වන් දැරියක අවසන් හුස්ම හෙළු අතර ඉකුත් වසරේදී කඩවත ප්‍රදේශයේදී පාතාලය සිය දරුවා සමඟ නිවෙසට යමින් සිටි සාමාන්‍ය කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සිටියා.

මෙරට පාතාලයේ කිරුළ දිනා ගනිමින් 2017 වසරේ පෙබරවාරි 27 වැනි දින කළුතර එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක රණාලේ සමයංව ඝාතනය කිරීමට මධුෂ් සිය උපරිම වෙඩි බලය උපයෝගි කර ගත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුටද ජීවිත අහිමි කරමිනි.සතියකට අඩුම තරමේ දිවයිනේ එක් ස්ථානයක හෝ පාතාලයේ වෙඩිල්ලක් පත්තු වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව අවසානය.

‘පාතාලයට මේ තරම් ගිනි අවි කොහෙන්ද? පතරොම් කොහෙන්ද?’ මේ අප සමාජයේම ප්‍රශ්නයකි. මෑතකදී මෙරට සිදු වූ වෙඩි තැබීම් සියල්ලෙන් අති බහුතරයක වගකීම ගත යුතුව ඇත්තේ ඩුබායිහි වෙසෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්ය.

මෑත ඉතිහාසයේ පාතාලයේ කෙරුමකුගෙන් සොයාගත් විශාලතම අවි ගබඩාව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර ප්‍රදේශයේ ආරක්ෂිත නිවෙසකින් සොයා ගැනීමත් සමඟ පාතාල ලෝකයේ කතාව මඳක් දුරට වෙනස් වුණා.

මෙම දෙමහල් මන්දිරය ගැන හෝඩුවාවක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් හට ලැබී තිබුණ අතර එම තොරතුරෙහි සඳහන් වූයේ රුපියල් කෝටි 500 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් ‘කැවුමා’ නමැති මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා රාවතාවත්ත, සොයිසාපුර ප්‍රදේශයේ කරක් ගසා ඇති බවටයි.

පාතාල මර්දනය කරට ගෙන සිටින සේනාවිධායක එම්.ආර්. ලතීෆ් මෙම නිවෙස වැටලීමේ මෙහෙයුම භාර කෙරුවේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමටයයි.

වහාම ක්‍රියාත්මක වූ මූලස්ථාන කඳවුරේ කණ්ඩායම කොළඹ සිට රාවතාවත්ත බලා පිටත්ව ගියේ ඉකුත් 11 වැනි දිනයි.

එම මෙහෙයුම මෑත කාලයේ සිදුවූ සුක්ෂතම මෙහෙයුමක් ලෙසයි සැලකෙන්නේ.

එහි තොරතුරු සැකවින් මෙසේයි.

‘වෙලාව පස්වරු 2.00ට ආසන්නය. මධුෂ්ගේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය ලෙස පවත්වාගෙන යන මෙම දෙමහල් නිවෙස අවට පූර්ණ සෝදිසි මෙහෙයුමක් සෙබළුන් විසින් සිදු කළහ. යකා කළු දැයි සුදු දැයි නොදන්නා හෙයින් දෙමහල් නිවෙස වටා ආරක්ෂක වළල්ලක් දැමූ එම සෙබළුන් නිවෙස පිහිටි ඉඩමට කඩා වැදිණි. නමුත් එහි පළමු මහලේ ‍දොරගුළු වසා දමාය.

එහි දෙවැනි මහලෙහි පදිංචිව සිටින්නේ නිවෙසේ හිමිකරු ඔහුගේ බිරිය සහ දරුවන්ය. සෙබළු අනතුරුව නිවෙසේ හිමිකරුගෙන් පහළ මහලෙහි යතුරු කැරැල්ලක් ඉල්ලා ගෙන එහි ‍ෙදාරගුළු විවෘත කළහ.ඉන් අනතුරුව එම පහළ මහල පූර්ණ පරීක්ෂාවකට සෙබළුන් විසින් ලක් කරනු ලැබීය.  එහි කාමර දෙකක්ද කැවුමා විසින් ‍ෙදාරගුළුලා තිබූ අතර ‍ෙදාරගුළු බිඳ දමා සෙබළු ඊට ඇතුළු වූහ.කාමර තුළ වූ අල්මාරිත්, කබඩ් එකක් සහ ලොකු පෙට්ටියකට අවධානය යොමු කළ සෙබළුන් ඒවා විවෘත කරනු ලැබීය.

එහි සඟවා තිබූ ස්වයංක්‍රිය පතරොම් තුවක්කුවක්, ජපානයේ නිෂ්පාදිත පිස්තෝලයක්, රම්බෝ වර්ගයේ පිහියක්, පොලිසිය භාවිත කරන අත් මාංචු දෙකක් සොයා ගනු ලැබිණි. තවදුරටත් එම කාමර පරීක්ෂා කිරීමේදී සෙබළුන්ට යකඩ පතරොම් පෙට්ටි තුනක් නිරීක්ෂණය විය.එම පතරොම් පෙට්ටි විවෘත කළ සෙබළුන්ට ඇස් අදහාගත නොහැකි විය.

ඒවායෙහි ටී – 56 වර්ගයේ ජීව පතරොම් 2803ක් ගබඩා කර තිබිණි. ඊට අමතරව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලවලට යොදන පතරොම් 91ක්, බෝර 12 වර්ගයේ ගිනිඅවිවලට යොදන පතරොම් 234ක් සොයා ගැනීමට හැකි විය. පොලිස් ස්ථාන කිහිපයකට පවා පහරදීමට හැකි මේ තරම් පතරොම් මධුෂ් විසින් එවා තිබුණේ මන්දැයි යන්න පොලිස් විශේෂ කාර්ය බළකාය තුළ දැඩි කුතුහලයක් පවතී.ඊට අමතරව මෙම කාමර තුළ සඟවා තිබූ කාන්තාවන් පස් දෙනකුට සහ පිරිමි පුද්ගලයන් පස් දෙනකුට අයත් ජාතික හැඳුනුම්පත්, ජංගම දුරකථන 25ක්, සිම් කාඩ්පත් 129ක් සහ මුදලින් රුපියල් 31,000ක් සොයාගනු ලැබීය.

මෙම සියල්ල මධුෂ්ගේ අපරාධ ක්‍රියා සඳහා භාවිත කිරීමට කැවුමා විසින් එම නිවෙසට රැගෙන ආ ඒවා බව මේ වන විට සනාථ වී ඇත.සෙබළුන්ගේ මෙහෙයුම අවසන් නැත.පළමු මහලේ ස්ථාන කිහිපයක සඟවා තිබූ හෙරොයින් පාර්සල් 164ක් සහ කුඩා හෙරොයින් පැකට් 2000කට අධික ප්‍රමාණයක් සෙබළුන් විසින් සොයා ගනු ලැබීය.ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 177කට අධික තොගයක් තිබිණි. එහි වටිනාකම රුපියල් කෝටි 190කට අධිකය.

මාකඳුරේ මධුෂ්ගේ සෙල්ලම් පෙබරවාරි 5 වැනි දිනෙන් අවසන් කිරීමට ඩුබායි පොලිසිය ක්‍රියා කළේ ඒ සමඟ ඔහුගේ හෙරොයින් ජාවාරමේ කප්පිත්තා වූ කංජිපානි ඉම්රාන්ද කොටු කර ගනිමිනි.නමුත් මධුෂ් අත්අඩංගුවට ගැනීමට ප්‍රථමව ඔහු විසින් රහසිගත ලෙස මෙරටට හෙරොයින් කිලෝ 300ක තොගයක් එවා තිබූ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබිණි.

නමුත් එම තොගය කොහේ සඟවා තිබේ දැයි යන්න සොයා ගැනීමට නොහැකි වී තිබිණි. මෙලෙස සොයා ගනු ලැබුවේ එම හෙරොයින් තොගයේ කොටසක් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැක පළ කරයි.‍ෙදාඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොගොස් කැවුමා විසින් මෙම නිවෙසට වී රැගෙන ආ හොරොයින් තොග සිල්ලර ක්‍රමයට සහ තොග ක්‍රමයට අලෙවි කිරීම සඳහා ඔහු තනියෙන්ම පාර්සල් සකස් කර තිබේ. ‘

ඉදිරි පාතාල කටයුතු සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ කටයුතු සඳහා අධි ආරක්ෂිත ස්ථානයක් තෝරා ගන්නා ලෙස මධුෂ් සිය සමීපතමයා වූ කැවුමාට භාරකෙරුවේ ඉකුත් වසරේදීය.තමාට ආරක්ෂිත නිවෙස්නයක් සොයා දෙන ලෙසට කැවුමා ඉල්ලීමක් කරනු ලබන්නේ තුෂාරි නමැති කාන්තාවකගෙනි.තුෂාරි යනු මොරටුමුල්ල, ගල්පොත්ත පුස්තකාලයක පුස්තකාල සහායිකාවකි.

තුෂාරි ලෙස අන්වර්ථ නාමයකින් ඇය ප්‍රසිද්ධියට පත්වුවද ඇයගේ උප්පැන්නයේ නම සඳහන් වන්නේ ‘මහඋඩුවගේ ‍ෙදාන් නිරෝෂා නිල්මිණි පෙරේරා’ ලෙසටය. ඇය 47 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය දෙදරු මවකි. ඇය පදිංචිව සිටින්නේ මොරටුව කටුබැද්ද ජනතා පෙදෙසේ ප්‍රදේශයේය.ඒ නිසා ඇය මොරටුව ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර දනී.පුස්තකාල සහකාරවරියක ලෙස ඇය කටයුතු කළද ඇය මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ අත්උදවුකාරිනියක ලෙස ක්‍රියා කරන්නීය.

ඒ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමාගේ හිතවත්කම් මතය.ඇය සියලුදෙනාටම කැළුම්ව හඳුන්වා දෙනු ලබන්නේ ඔහු තමාගේ දුරින් ඥාතියකු බවටය. රාවතාවත්ත, සොයිසාපුර, දෙමහල් නිවෙස කැවුමාට සම්බන්ධ කර දෙන්නේද තුෂාරි විසිනි. එහි නිවැසියන්ට තුෂාරි කැවුමාව හඳුන්වා දෙන්නේ ‘සමන්ත’ යන නාමයෙනි.

සමන්ත යනු තමා දන්නා අයකු බවත් ඔහු කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකු බවත් තුෂාරි නිවැසියන්ට පවසන්නීය. දෙමහල් නිවෙසේ පළමු මහල සඳහා සමන්ත රුපියල් 25,000ක මුදලක් ගෙවීමට කැමැති බවත් තුෂාරි පවසන්නීය.ඒ හරහා මීට අදාළ බදු ගිවිසුම වසර තුනක කාලයක් සඳහා ඉකුත් වසරේ ජූලි මස 5 වැනි දින කැවුමා විසින් අස්සන් කරනු ලබයි.එම නෛතික කටයුතු සඳහා කැවුමා ඉදිරිපත් කරනු ලැබුවේද ව්‍යාජ හැඳුනුම්පතකි. මහඋඩුවගේ ‍ෙදාන් සුරසේන සමන්ත පෙරේරා ලෙස නමක් 751824408ම යනුවෙන් හැඳුනුම්පත් අංකයක් සහ පදිංචිය මොරටුව, කටුබැද්ද ලෙසත් එහි දැක්විණි.නමුත් එහි ඡායාරූපයේ සිටියේ කැවුමාය.

ගිවිසුම අත්සන් කළ දිනම කැවුමා නිවැසියන්ට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දුන්නේය. තමන් කොන්ත්‍රාත් මුදලට නිවාස, පාරවල්, -පාලම් සාදන බවත් ඊට අමතරව හාල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන බවද කැවුමා නිවැසියන්ට පැවැසුවේය. පළමු මහලට අවශ්‍ය ඇඳන්, අල්මාරි, පුටු මේස කැවුමා විසින් නිවෙසට රැගෙන එනු ලැබුවේ ඉකුත් නොවැම්බර් මාසයේදීය.

එම ලී භාණ්ඩ සඳහා සියලුම මුදල් ලබා දී ඇත්තේද මධුෂ් නමිනි.මුල් කාලයේදී දින හතරක් පමණ එක දිගට කැවුමා එම නිවෙසෙහි රැඳී සිටී. නැවත දින දෙක තුනක් ඔහු නිවෙසින් අතුරුදන් වේ.සිය ව්‍යාපාරික කටයුතු සඳහා තමන් කොළඹින් පිටට යන බවද ඔහු නිවැසියන්ට ඒත්තු ගන්වා තිබිණි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එම නිවෙසට හාල් ලොරි දෙකක් පැමිණ තිබේ. තමාගේ හාල් ලොරි එලෙස පැමිණි බවත් ලොරියෙන් ගොඩබෑ හාල් තොගවලින් කොටසක් නිවැසියන්ට සහ අසල්වාසී නිවාස වෙත කැවුමා දෙනු ලබන්නේ ඔවුන්ගේ විශ්වාසය ලබාගැනීමේ අරමුණිනි.පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගත් පතරොම් පෙට්ටිවලට හාල් ඇටද වැටී තිබේ. ඒ අනුව හෙළිවන්නේ මෙම ගිනිඅවි පතරොම් පෙට්ටි සහ හෙරොයින් තොගය ආරක්ෂිත නිවෙස්නය වෙත රැගෙනවිත් ඇත්තේ හාල් ලොරිවල බවටය.

මෙම නිවෙසෙහි සඟවා තිබී සී.ඩී. තැටියක්ද පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සොයාගනු ලැබීය. පැය දෙකකට අධික කාලයක් එහි දර්ශන වාර කිහිපයක් සටහන්ව ඇත. එම දර්ශනවල සටහන්ව ඇත්තේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ දර්ශනය.මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලු සංවිධාන කටයුතු භාරව සිට ඇත්තේ කැවුමාය. කැවුමා විසින් එම අවමඟුල වීඩියෝ කර ඩුබායි රාජ්‍යයට එහි වීඩියෝ දර්ශන යවා ඇත.පියාගේ අවමඟුල මධුෂ් ඩුබායි රාජ්‍යයේ සිට සජීවීව නැරඹුවේය. ඊට අදාළ තාක්ෂණය ද කැවුමා සිය සගයන් මාර්ගයෙන් සම්පාදනය කර ගත්තේය.

පාතාල නායකයකුගේ පියකුගේ මෘත දේහයට ගුවනින් මල් ඉසූ එකම අවමංගල්‍යය ද එය විය.එම අවමංගල්‍යයට පාතාල නායකයන් රැසක් සහභාගි වී ඇති බව සී.ඩී. දර්ශන අධ්‍යයනය කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය හඳුනාගෙන ඇත. ‘

එම මෙහෙයුමේදී බියකරු තොරතුරු රැසක් හෙළිවූ කැලුම්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ පිටිගල, හත්තක ගම්මානයෙනුයි.

හත්තක මහා විද්‍යාලයේ 10 වසර දක්වා අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් දිවියට සමුදුන්නේය. ඔහුගේ පියා හිටපු පොලිස් නිලධාරියෙකි. නමුත් කැළුම් පාසලට සමුදීමෙන් පසු සමාජයේ දුරාචාරවලට යොමු විය.එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ඉගෙනගත් ගමේ පාසලේම කාර්යාලයකට පැන එහි රූපවාහිනිය සොරකම් කළේය. එම වරදට ඔහු එකල පිටිගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

කැළුම් එලෙස පොලිස් අත්අඩංගුවට පත් වූ ප්‍රථම අවස්ථාවද එය විය. නැවත ඔහු පොලිස් අත්අඩංගුවට ගනු ලබන්නේ අවි ආයුධ පෙන්වා සිදු කළ කොල්ලකෑම් කිහිපයකට අදාළවය. එම චෝදනාවන්ට වරදකරු වූ කැළුම්ට වසර දහයක කාලයක් සිර දඬුවම් නියම වන්නේ වසර 2005දීය.

එම අච්චුව විඳින කල කැළුම්ට මධුෂ්ව හිරේදී හමු වන්නේය. එහිදී ඔවුන් දෙදෙනා සමීප මිතුරන් බවට පත්වූයේය.කැළුම් දඬුවම් කාලය 2015දී අවසන් කර හිරෙන් නිදහස්ව පැමිණියේය. එලෙස පැමිණි ඔහු ඔවුන් සමඟ බස් රථයක සේවය කළේය. මධුෂ් එකල බස් රියැදුරු වූ අතර කැළුමා බස් කොන්‍ෙදාස්තර විය. ඉන් අනතුරුව කැවුමාගේ අතමිට සරු විය.

කාලය ගෙවෙත්ම මධුෂ්ද මෙරටින් පලා ගියේය.ඉන් පසු කැළුම් ගමේ ප්‍රභූවරයෙක් වූයේ ඔහුගේ අත මිල මුදල් ගැවසීම නිසාය. ඉකුත් වසරේ ගමේ පන්සලේ කඨින පින්කමද කළේ කැළුමා විසිනි. මල්වෙඩි ගසමින් උත්සවශ්‍රීයෙන් එම කඨිනය පැවැත්වුණු බව ගම්මුන්ට මතකය. එකල කැළුම්ගේ නිවෙසෙහි දින තුනක පමණ කාලයක් දන්සලක් ලෙස ගම්මුන්ට ආහාරපානද ලබා දුන්නේය.

මෙම කඨිනයේ කටයුතුවලට කැළුම් රුපියල් ලක්‍ෂ හයක මුදලක් වැය කර ඇති බවද සඳහන්ය.හත්තක ප්‍රදේශයේ තවත් පෞරාණික විහාරයක් පිහිටි කඳු මුදුනක රුපියල් කෝටි හයක මුදලක් වියදම් කොට හිටි බුදු පිළිමයක් සෑදීමට සැලසුම් කළේද කැවුමා විසිනි. ‘රාජගල් දෙක’ යන එම කඳු මුදුනේ ගල් පර්වතයක නිධානයක් ඇති බවද ගම්මුන්ගේ විශ්වාසයයි.

කැවුමාගේ පෙර පැටිකිරිය දැනගත් ගම්මුන් පිරිසක් මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙත්සමක් ගැසුවේය.එම විහාරය පෞරාණික විහාරයක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුල්වී හිටි පිළිමය ඉදිකිරීම් කටයුතු නතර කර දැමුවේ කන්දට යන මාර්ගය ඩෝසර් කිරීමේ කටයුතු ආරම්භ කළ දිනමය.

දියමන්ති කොල්ලයට අදාළව කැවුමා අත්අඩංගුවට ගැනීමට ප්‍රථමව ඔහු සිය පාසලේ ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකුද සහභාගි වූ එම ක්‍රීඩා උත්සවයේදී කැවුමා පැමිණ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අරමුදල සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක් පරිත්‍යාග කර ඇති බව තතුදත් ගම්හු පවසති.’

ප්‍රභූවරයකු ලෙස වෙස්වළා ගෙන සිටි කැවුමාගේ පැටිකිරිය මේ වනවිට හෙළි වී අවසානය.

එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක එම්.ආර්. ලතීෆ් ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු හට මධුෂ් අත්අඩංගුවට ගැනීම වළකාලමින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් මධුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීම පසුපස තවත් හඳුනා නොගත් සිදුවීම් මාලාවක් ඇතිවනු නොඅනුමාන බව පොලිස්යේ අදහසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *